ගෑස් හිගයට තිත, මෙට්‍රික් ටොන් 7000 ක ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීම අද සිට
මෙට්‍රික් ටොන් 7000 ක ගෑස් තොග අද සිට දිවයින පුරා බෙදාහැරීමට පියවර ගන්නා බව ලාෆ්ස් සමාගම සදහන් කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු වසා දමා තිබූ හම්බන්තොට පර්යන්තයට එම ගෑස් තොග රැගෙන ආ බව එම සමාගම වැඩිදුරටත් සදහන් කර තිබේ.
මේ අතර, අප්‍රේල් මාසයට අවශ්‍ය ගෑස් මෙට්‍රික් ටොන් 35,000ක අවශ්‍යතාව මේ වන විට රටට ලැබී ඇති බව ලිට්‍රෝ සමාගම සදහන් කර තිබේ.
දිවයින පුරා බෙදාහැරීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව එම සමාගම සඳහන් කරයි.