අහසට නගින ඉන්ධන සහ ගෑස් මිල - ජනතාවට අමාරු කාලයක්

Report

වර්තමාන භූ-දේශපාලනික තත්ත්වය මත, අම‍ෙරිකා-ඉරාන යුදමය ගැටුම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර එයින් ලෝක ආර්ථිකය දරුණු ලෙස කඩාවැටීමකට ලක්වෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. යුද්ධය ආරම්භ වීමට පෙර පැවති මිලට වඩා මේ වන විට මිල ගණන් 30% සිට 45% දක්වා ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

අමෙරිකාවේ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 4 දක්වා ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාව වැනි ආනයන මත යැපෙන රටවලට මෙය දැඩි බලපෑමක් එල්ල කරයි. දියර ස්වභාවික වායු (LNG) ප්‍රවාහනයට බාධා පැමිණීම නිසා යුරෝපයේ සහ ආසියාවේ බලශක්ති පිරිවැය අධික වී ඇත.

ගෑස් ප්‍රශ්ණේ ඉවරයි - මේ දවස් දෙකේ ගෑස් ලැබෙනවා - දැන්ම දිනේ සටහන් කරගන්න

ගෑස් ප්‍රශ්ණේ ඉවරයි - මේ දවස් දෙකේ ගෑස් ලැබෙනවා - දැන්ම දිනේ සටහන් කරගන්න

මෙය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම සැපයුම් අර්බුදය ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) හඳුන්වයි. යුද්ධයට පෙර බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 80-85 මට්ටමේ පැවති අතර, දැනට එය ඩොලර් 120 සීමාව පසු කර ඇත. ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මෙය ඩොලර් 140 දක්වා ඉහළ යා හැකි බවයි.

ලෝකයේ තෙල් සැපයුමෙන් 20%ක් සහ දියර ස්වභාවික වායු (LNG) සැපයුමෙන් විශාල ප්‍රමාණයක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම නිසා මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. කටාර් රාජ්‍යයේ ගෑස් නිෂ්පාදන මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර සහ ප්‍රවාහන බාධා නිසා ආසියාවේ සහ යුරෝපයේ ගෑස් මිල 140%කින් පමණ ඉහළ ගොස් ඇත.

මෙන්න සුභ ආරංචියක් - ඩීසල් වලට රු.100ක සහනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

මෙන්න සුභ ආරංචියක් - ඩීසල් වලට රු.100ක සහනයක් - ජනපතිගෙන් ප්‍රකාශයක්

ඒ අනුව, වඩාත්ම දරුණු බලපෑම එල්ල වී ඇත්තේ ගෑස් මිලටයි. හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා නිසා සැපයුම අඩාල වීමෙන් ගෝලීය වෙළෙඳපොළේ ද ගෑස් මිල 140%කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ අනුව ආසියානු රටවල ගෑස් මිල කෙටි කාලයක් තුළ 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ඉන්ධන වෙළෙඳපොළ "අර්බුදකාරී කලාපයකට" (Crisis Zone) ඇතුළු වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

පසුගිය දින 14 තුළ පමණක් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 35 කින් පමණ වැඩි වී ඇති අතර, මෙය 1970 දශකයේ ඇති වූ තෙල් අර්බුදයෙන් පසු වාර්තා වූ දරුණුතම මිල ඉහළ යාම ලෙස සැලකේ. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනය 70% කින් පමණ අඩුවීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුවයි. ලොව පුරා බොහෝ රටවල පිරවුම්හල් අසල ඉන්ධන මිල ගණන් දිනපතා වෙනස් වන අයුරු දැකගත හැකිය.

ආයේ ගෙවල් හදන හීනේ අමතක කරන්න වෙයි - මිලියන ගාණකින් නැග්ග මිල

ආයේ ගෙවල් හදන හීනේ අමතක කරන්න වෙයි - මිලියන ගාණකින් නැග්ග මිල

අමෙරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4.50 ඉක්මවා ඇති අතර, යුරෝපයේ ඇතැම් රටවල ලීටරයක මිල යුරෝ 2.50 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ඉහළ යාම හුදෙක් ඉන්ධනවලට පමණක් සීමා නොවී, නැව් ගාස්තු ඉහළ යාම හරහා ආහාර සහ ඖෂධ මිල කෙරෙහිද දැඩි ලෙස බලපාමින් පවතී‍. යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 150 සීමාව දක්වා යා හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන අනතුරු අඟවයි.