ට‍්‍රම්ගේ බද්දෙන් ගාමන්ට් ව්‍යාපාරය හාන්සියි – රැකියා රැසක් නැතිවෙනවා

Report

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව තිරුබදු ප්‍රතිශතය ශ‍්‍රී ලංකාවේ ආර්ථික අනාගතයට ඉතාමත් අසුභවාදී ලෙස බලපානු ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කරයි.

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

මරණය ගැන සැකයි... පොලිසිය තොරතුරු වසන් කරනවා... අලුත්ම තත්ත්වය මෙන්න (PHOTOS) (VIDEO)(UPDATE)

“12%ක වගේ තීරු බද්ද මේ වෙද්දි 40% ඉක්මවා ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරලා තියන බව තමයි අපිට පෙනෙන්නේ. අනෙකුත් රටවල් වලට සාපේක්ෂව බලනකොට ලංකාවට පනවලා තියන තීරු බදු ඉතා ඉහළ අගයක් විදිහටත් අපිට දැක ගන්නට පුළුවන්.

මේ තත්ත්වය මත ලංකාවේ අපනයන කෙරෙහි මේක දැඩිව බලපාන්නට පුළුවන්. අපි දන්නවා ලංකාවේ අපනයන වලින් 25%කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට.

විශේෂයෙන්ම රෙදිපිළි, ඇඟලුම් ආදිය විශාල වශයෙන් අපනයන කරනු ලබන්නේ සහ ඒවට හොඳ ඉල්ලුමක් පැවතුනේ ඇමරිකා එක්සත් ජනපදය තුළ මේ තීරු බදු ප්‍රතිපත්තිය මඟින් ලංකාවේ අපනය කෙරහි දැඩිව බලපාන්නට පුළුවන් ක්‍රම තියනවා.

ශ්‍රී ලංකාව බින්දුවටම වැටෙනවා – දිලිත් ජයවීර

ශ්‍රී ලංකාව බින්දුවටම වැටෙනවා – දිලිත් ජයවීර

අපනයන වලින් ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමකින් පහළ යන්නට පුළුවන්. ඒ වගේම මෙසේ අපනයන කඩා වැටුනොත් අනාගතයේ ලංකාවේ මේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රී එක තුළ නිරත වෙලා ඉන්න විශාල පිරිසකගේ රැකියා පවා අවධානම් තත්ත්වයකට පත් වීමේ හැකියාව තියනවා.”