ජයග්‍රහණයට ලකුණු 5ක් අවශ්‍යව තිබියදී..ක්‍රිකට් ලෝලීන් පිස්සු වට්ටමින් පන්දු 6ට කඩුලු 6ක්

Report

එක් පන්දු ඕවරයකදී කඩුලු 6ක් දවා ගැනීමට පන්දු යවන්නෙක් සමත්වී තිබේ.ඒ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි කැරාරා හි ක්‍රීඩා පිටියක පැවති ලීග් ක්‍රිකට් තරගයකදී ය.

එනම් මෙම තරගයේදී, Surfers Paradise ක්‍රිකට් සමාජය සහ Mudgeeraba ක්‍රිකට් සමාජය අතර පැවති එම තෙවැනි පෙළ ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් Mudgeeraba කණ්ඩායම ලකුණු 178ක් රැස්කළේය.

ඒ අනුව තරගයේ අවසාන ඕවරයෙදී Surfers Paradise කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 5කි. ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 6ක් තිබුණි.

එම පන්දු ඕවරය Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan යැවීමට තීරණය කළේය.

ඔහු එහිදී සිදුකළේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයකි. එනම් එම ඕවරය තුළදී ප්‍රතිවාදී කඩුලු 6ම දවා ගැනීමට ඔහු සමත්විය.