කසළ ට්‍රැක්ටරයේ සේවකයා අතරමගදී මියයයි.
By Wayomi
ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගමන් ගත් පුද්ගලයෙකු ඉන් ඇද වැටී අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
ඊයේ (09) රාත්‍රී කාලයේදී අනුරාධපුර පොලිස් වසමේ බුද්ධගයා මාවත සිට විජයපුර කනත්ත දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස මියගොස් ඇත්තේ, 44හැවිරිදි දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)
මරණකරු නගර සභාවේ ට්‍රැක්ටර් රථයෙන් අපද්‍රව්‍ය පටවාගෙන යමින් සිටින අතරතුර මෙලෙස හදිසි අනතුරට ලක්වී ඇති අතර ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා.
අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
You May Like This Video