දැවැන්ත පඩි වැඩිවීමක්? - රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට IMF තීරණය දැනුම්දෙයි. - "රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු." - (VIDEO)
            
                
                By Wayomi
            
            
                
                
            
        
    2025 අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින්.
ඒ, අනුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
"රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර කැබිනට් තීන්දුවක් ගත්තා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒක රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කරපු දෙයක් මිසක් ඇත්ත දෙයක් නෙමෙයි."