ගණේමුල්ල සංජීව ඝාතන නඩුව: කෙහෙල්බද්දර පද්මේ සහ ඉෂාරා සෙව්වන්දි රස පරීක්ෂක වෙත යොමු කිරීමට අවසර ඉල්ලයි

Report

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාලව කෙහෙල්බද්දර පද්මේ සහ ඉෂාරා සෙව්වන්දි රස පරික්ෂක වෙත යොමු කිරීමට ⁣කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ අවසර ඉල්ලා සිටිනු ලබයි

මෙම සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි විමර්ශන නිලධාරීන් විසින් පවසා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා අතර සිදුවු සංවාද සම්බන්ධයෙන් හඩ පඨ ඇතුළත් සි.ඩී පඨයක් මේ වන විට රස පරික්ෂක වෙත යොමු කර ඇත.

එම හඩ පඨයේ ඇති කටහඩ පරීක්ෂා කිරිමට මෙම සිද්ධියට අදාලව 15 වන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ 18 වන සැකකාරිය වන කෙහෙල්බද්දර පද්මේ රස පරීක්‍ෂක වෙත යැවීමට අවශ්‍ය බැවින් අධිකරණයෙන් එලෙස අවසර ඉල්ලා සිටිනු ලබයි

තවද කෙහෙල්බද්දර පද්මේ සන්තයේ තිබි අත්අඩංගුට ගත් ජංගම දුරකථනය සම්බන්ධයෙන් වෝහාරික පරීක්‍ෂණ අවසන් බවත් ඒ අනුව මෙම අපරාධය සිදු කිරීමට කළ සැලසුම් සහ පසු හැසිරීම් ගැන කරුණු අනාවරණය වන බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිට  ඇත.

තවද මෙම සිද්ධියට අදාල එක් සැකකාරියක් පමණක් විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටිනු ලබයි මෙම සැකකරුවන් ලබන 16 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත  කර තිබේ