ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යන්න ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

Report

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට යාපනය අලෙයියාලෙයි සිට ඉන්දියාවට පලායාම සඳහා ආධාර අනුබල දුන් බෝට්ටු රියැදුරා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (08) නියෝග කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 30ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, සෙල්වනේෂන් ජේසුදාසන් නොහොත් ‘පලසු’ නමැති සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

එහිදී CCD ය දැනුම් දුන්නේ මොහු මෙම ඝාතන නඩුවේ 47 වන සැකකරු ලෙස නම් කරන බවයි. සැකකරු මනා දැනුමකින් යුතුව ඉෂාරා සෙව්වන්දිව රටින් පිටකර ඇති අතර, ඇයව ඉන්දියාවට ගොඩබැස්සවීමෙන් පසු බෝට්ටුවේ තිබූ ජී.පී.එස්. (GPS) යන්ත්‍රය ද විනාශ කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙලෙස රටින් පිටවීමට ආධාර අනුබල දී ඇති මොහු, ඉන්දියාවට ගෙන යාම සඳහා රුපියල් 50,000ක මුදලක් අයකර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්