වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු - නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයට සහභාගී වී සිටින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ භූතාන සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වංචුක්ම හතා අතර නිල හමුවක් ඊයේ (08) සිදුවිය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ භූතානය අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.