කමාන්ඩෝ සලින්ත ලබන 12 තෙක් බන්ධනාගාරගත කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම්භාරයේ සිටි ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු ලෙස හඳුනාගත් කමාන්ඩෝ සලින්ත නමැත්තා ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර තිබෙන කමාන්ඩෝ සලින්ත දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහු ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
කමාන්ඩෝ සලින්ත ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, ගිනිඅවි සන්තකයේ තබාගැනීම් ආදී බරපතල අපරාධ චෝදනා රැසකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස දිගු කලක් පොලිස් විමර්ශනවලට ලක්ව සිටියේය.