පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Report

 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසත් ඝාතන සිදුවීම් රැසකට සම්බන්ධයෙන්ත් සැකපිට සිටි අරුමාහන්දි ජනිත් මධුසංඛ නොහොත්  පොඩි ලැසීව දින 7ක රැඳවුම් බන්ධනයට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය අද ( 27) අනුමැතිය ලබා දුන්නේය.

ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගත් පොඩි ලැසී ඊයේ (26) රාත්‍රියේදී මෙරටට රැගෙන ආ අතර, අද අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට භාර දුන්නේය.

ඔහු අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7ක රැඳවුම් බන්ධනය නියම වූ අතර, ඉදිරි විමර්ශන සඳහා ඔහු රැඳවුම්භාරයේ තබා ගැනීමට අවසර ලැබී තිබේ. පොඩි ලැසී 2016දී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, එයට අමතරව මනුෂ්‍ය ඝාතන, ගිනිඅවි සන්තකයේ තබාගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී බරපතල චෝදනා රැසකට සම්බන්ධයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව කාලයක් ගත කළේය. 2020දී බූස්ස බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ අතර, ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

අද අලුයම දිවයිනට ගෙනා පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට

අද අලුයම දිවයිනට ගෙනා පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට

2018දී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් තැන්පත් කර ඇප ලැබුණද, 2024 දෙසැම්බර් දක්වා ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධනාගාරයෙන් පිටවීමට ඔහු කටයුතු කළේ නැත.

2024 දෙසැම්බර් 09 වැනිදා ඇප කොන්දේසි සම්පූර්ණ කර ඔහු බන්ධනාගාරයෙන් මුදා හැරුණද, ඊට පසු ඔහු අතුරුදහන් වූ අතර පසුව ඉන්දියාවට පලා ගොස් ඇති බව වාර්තා විය.

අධිකරණය විසින් ඇප නියම කිරීමේදී පනවා තිබූ විදේශ ගමන් තහනම උල්ලංඝනය කරමින් ඔහු ඉන්දියාවට ගොස් ඇති බවත්, 2025 ජනවාරි මාසයේදී මුම්බායිහිදී නීති විරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් වාර්තා වේ.

ඉන්දීය බන්ධනාගාරයේ සිටියදී මෙරටින් නීතීඥයින් දෙදෙනෙකු ඔහු වෙත ගොස් ඇප ලබා ගැනීමට උත්සාහ කළද, ඉන්දීය ආරක්ෂක අංශ මෙරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු සැකකරු දිවයිනට රැගෙන ඒමේ මෙහෙයුම ආරම්භ වූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ ඉන්දියාව බලා ගොස් අද ඔහු මෙරටට රැගෙන ආහ. 

මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..වෙඩික්කරුගෙන් ඇඟ හිරි වැටෙන පාපොච්චාරණයක්

මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..වෙඩික්කරුගෙන් ඇඟ හිරි වැටෙන පාපොච්චාරණයක්