ඔයත් ඉන්නේ ගම්පහ නම් මේක වැදගත් වෙයි! ගම්පහ අයට පනවපු අලුත් නියෝගය

By Gagana News Mar 01, 2025 12:54 AM GMT
Report

ගම්පහ දිස්ත්‍රික්කයේ හානිදායක අන්දමින් කැලෑ ගිනි තැබීම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දිසාපති ලලින්ද ගමගේ ප්‍රකාශ කර සිටියි.

කුඹුරු ගිනි තැබීම්, වියළි ගස් වලට ගිනි තැබීම හා අපද්‍රව්‍ය වලට ගිනි තැබීම වැනි හේතු මෙම කැළෑ ගිනි තැබීම් වලට ප්‍රබල ලෙස හේතු වී ඇති බවට ඔහු ප්‍රකාශ කරන අතර පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ කැළෑ ගිනි තැබීම් කිහිපයක්ම වාර්තා වූ බව ඔහු සඳහන් කළේය.

මෙම ගිනි තැබීම් වැළැක්වීමට ගිනි නිවීමේ ඒකකය,ආරක්ෂක අංශවල හා අනෙකුත් ආයතනවල සහාය ලබා ගැනීමට සිදු වූ බවත්, ගිනි ගැනීමේ තත්ත්වය පැතිර ගියහොත් ගින්න ඇතිවන ස්ථානයේ අවට ගොඬනැගිලි වලට හා ජනතාවට අනතුරු සිදු විය හැකි බැවින් ගිනි තැබීම් නොකිරීමට පුද්ගලයන් වග බලා ගත යුතු බව ඔහු තවදුරටත් සඳහන් කර සිටියේය.

එසේම එවැනි ගිනි තැබීම් සිදු කරන පුද්ගලයන් සොයා බලා නීතිමය පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

ඔන්න ඔබට අද පොඩ්ඩක් වියදම ඉහලයි....යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි.... පරිස්සම් වන්න

ඔන්න ඔබට අද පොඩ්ඩක් වියදම ඉහලයි....යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි.... පරිස්සම් වන්න

ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? සංස්ථාවෙන් කළ විශේෂ දැනුම්දීම

ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? සංස්ථාවෙන් කළ විශේෂ දැනුම්දීම