ඉන්ධන හිඟයක් ඇතිවෙයිද? සංස්ථාවෙන් කළ විශේෂ දැනුම්දීම
By Gagana News
කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බැවින් පාරිභෝගිකයින් හට කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ආනන්ද රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.
ඔහු පැවසුවේ ඉන්ධන පිරවුම්හල් විසින් ඉන්ධන ඇනවුම් නතර නොකරන බව මෙතෙක් සංස්ථාව වෙත දැනුම්දී නොමැති බවය.
මේ හේතුවෙන් ජනතාව කළබල නොවන ලෙසත් අවශ්‍ය ලෙස ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බවත් සභාපතිවරයා ප්‍රකාශ කරන අතර එමෙන්ම හෙට දිනයට අවශ්‍ය ඉන්ධන තොග මේ වන විටත් ඇනවුම් කර ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.