ගම්පහ වෙඩිතැබීමට අදාල සැකකරුවන් පොලිස් දැලේ...

By Subodha Aug 27, 2022 06:06 AM GMT
Report

පසුගිය 6 වන දින ගම්පහ ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අද (27) අලුයම අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන පෙතියාගොඩ, මාකේවිට සහ කොටුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සදහන් වන්නේ.

ඝාතනය සදහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ මෝටර් රථයක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන ඇත. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now