ගම්මන්පිල වසර 14ක් සිරගෙට..? - පාස්කු වාර්තාවක් කරන හදියක්.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ලවීමට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තා හෙට දින තමන් ස්ථිරවම ප‍්‍රසිද්ද කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
එය ප්‍රසිද්ධියට පත් කිරිමත් සමඟ තමන්ට එරෙහිව රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනා එල්ල කර වසර දාහතරකට සිරගත කිරීමට සූදානම් වන බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් තමා ඒ සඳහාද මුහුණ දීමට සූදානම් බව ඔහු පවසනවා.
මේ අතර අදාළ වාර්තාවන් ගම්මන්පිල සතුව ඇත්නම් ආණ්ඩුවට භාර දෙන ලෙස ඇමති විජිත හේරත් පසුගිය 16 වනදා ගම්මන්පිලට දින තුනක කාලයක් ලබා දී තිබූ අතර එය ඊයේ දිනයෙන් අවසන් විය.
