ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට සිසුන්ගේ මව්පියන් පහර දීලා - 7 දෙනෙක් අත්අඩංගුවට
ගාල්ල - දංගෙදර ප්‍රදේශයේ පෞද්ගලික පාසලක විදුහල්පතිවරයෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව එහි ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ මාපියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ ඒ අතර, කාන්තාවන් තිදෙනෙකු ද සිටින බවයි.
ඉකුත් 19 වැනිදා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගය අතරතුර මෙම පහරදීම සිදුව තිබූ අතර, තුවාල ලැබූ විදුහල්පතිවරයා ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එසේම අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මූල්‍ය ගණුදෙනුවක් නිසා මෙම පහරදීම සිදුව ඇති බව පවසයි.