ලක්ෂ දෙකහමාරක අල්ලසක් ගත් ගාල්ලේ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට
ළමුන් දෙදෙනෙකු පාසලකට ඇතුළත් කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාගැනීමට උත්සාහ කළ ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර විදුහල්පතිවරයා විසින් මුලින්ම එක් දරුවෙකුගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් ලක්ෂ 6ක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව එම මුදල ලක්ෂ 3 දක්වා අඩුකර ඇත.
ඒ අනුව පළමු ශ්‍රේණියට සහ 8 වන ශ්‍රේණියට අදාළ දරුවන් දෙදෙනා ඇතුළත් කරදීම වෙනුවෙන් අවස්ථා දෙකකදී පිළිවෙළින් රුපියල් ලක්ෂ එකහමාරක් සහ රුපියල් 50,000ක මුදලක් ලබාගෙන තිබේ.
අනතුරුව, ඉතිරි රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල ලබා නොදුන්නොත් ළමුන් දෙදෙනාම පාසලෙන් ඉවත් කරන බවට තර්ජනය කරමින් එම මුදල අල්ලස් ලෙස ලබා ගැනීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිවරයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.