ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගමෙන් රැකියා 4,000ක් කප්පාදු කිරීමට තීරණයක්

Report

චීන මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එල්ල වන තරගකාරීත්වය, අමෙරිකානු තීරුබදු සහ විද්‍යුත් වාහන වෙත මාරුවීමේ අභියෝග හමුවේ ජගුවර් ලෑන්ඩ් රෝවර් සමාගම ඉදිරි වසර දෙක තුළ රැකියා 4,000ක් පමණ කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.

මෙම රැකියා කප්පාදුවේ වැඩි බලපෑම බ්‍රිතාන්‍යයේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයට සහ පරිපාලන අංශ වෙත එල්ල වනු ඇත.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ලොව පුරා සේවකයන් 43,000කට අධික පිරිසක් සේවය කරන මෙම සමාගම, පසුගිය වසරේ මුහුණ දුන් දැඩි සයිබර් ප්‍රහාරය සහ අමෙරිකානු තීරුබදු බලපෑම් හේතුවෙන් වාර්ෂික ආදායම පවුම් බිලියන 29 සිට පවුම් බිලියන 22.9 දක්වා පහත වැටී ඇත. මේ අනුව ඉදිරි වසර දෙක තුළ පවුම් බිලියන 1.7ක වියදම් කප්පාදුවක් සිදු කිරීමට සමාගම අපේක්ෂා කරයි.

එහි පියවරක් ලෙස ඔක්තෝබර් 4 වනදා දක්වා සේවකයන්ට ස්වේච්ඡාවෙන් ඉවත්වීමේ අවස්ථාව ලබාදී ඇති අතර, අවශ්‍ය වුවහොත් අනිවාර්ය ඉවත් කිරීම් සිදුකරන බව ද සමාගම පවසයි.

හෙට කොළඹට එන අයට විශේෂ නිවේදනයක් - දැනගෙනම එන්න

හෙට කොළඹට එන අයට විශේෂ නිවේදනයක් - දැනගෙනම එන්න

සේවකයන් වෙනුවෙන් සාධාරණ ලෙස සහය දෙන බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පී.බී. බාලාජී ප්‍රකාශ කර ඇති අතර, බලපෑමට ලක්වන සේවකයන්ට සහය දුන්නද සමාගම වෙනුවෙන් රජයේ ආර්ථික ඇපදීමක් (Bailout) සිදු නොකරන බව බ්‍රිතාන්‍ය රජය අවධාරණය කර ඇත.