වැසිකිලි වැනි අපවිත්‍රව කෑම හදන ගෝල් ෆේස් එක..
වැසිකිළි වැනි අපවිත්‍ර ස්ථානවල සකස් කෙරෙන, පරිභෝජනයට නුසුදුසු ආහාර කොළඹ ගාලුමුවදොර පිටිය වෙත ගෙනැවිත් ජනතාවට අලෙවි කරන බවට වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් කතුරුසිංහ මහතා පවසනවා.
ඒ අනුව, ගාලුමුවදොර පිටියේ ජංගම වෙළෙඳුන් නියාමනය කිරීමට මේ වනවිටත් අවධානය යොමු කර තිබෙනවා. කොළඹ ගාලුමුවදොර පිටිය කොළඹ නගරයේ දක්නට ලැබෙන විශාලතම හිස් බිම් තීරුව වන අතර එය දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් සුන්දර ප්‍රදේශයක් වන අතර ඒ, හේතුවෙන් නිදහසේ කාලය ගතකිරීමටත් ඇවිදීමටත් බොහෝ පිරිසක් දෛනිකව මෙහි පැමිණෙනවා.
මෙහි පැමිණෙන පිරිස් වෙත ආහාර අලෙවිකිරීම සඳහා වෙරළ තීරය ආසන්නයේ ජංගම අලෙවිසැල් ද පවත්වාගෙන යනු ලබනවා. ඒලෙස පැමිණෙන වෙළෙඳුන් ආහාර සකස්කරන්නේ හා අලෙවියේ නිරත වන ආකාරය දැකගන්ට ලැබුණු අතර ගාලුමුවදොරට පැමිණෙන ජනතාවට ප්‍රමිතියෙන් යුතු ආහාර ලබාදීමේ අරමුණින් මෙම වෙළෙඳුන් නියාමනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලසුම් කර තිබෙනවා.