උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ වෙනසක් - ආචාර්යවරු මහාචාර්‍යවරු එකතු වෙලා කරන්න යන දේ මෙන්න

Report

2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කර ඇති නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

මේ සම්බන්ධයෙන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව අවස්ථා කිහිපයකදීම රජය සමඟ සාකච්ඡා කළද, මෙතෙක් ඵලදායී විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේය.

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

පවතින ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් පසුගියදා විශ්වවිද්‍යාලවල සියලුම ආචාර්ය සංගම්වල සහභාගිත්වයෙන් සුවිශේෂී රැස්වීමක් පැවැත්වූ බවත්, එහිදී ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම සඳහා ඒකමතික තීරණයකට පැමිණි බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව, සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට අදාළව තමන් මෙතෙක් සිදුකළ සියලුම ස්වේච්ඡා සේවාවන්ගෙන් වහාම ඉවත් වීමට තීරණය කර ඇති අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ද ඉවත් වීම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය

මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය