මායි යෝෂිතයි මුදු මාරු කරගන්න හිටියේ එයාලගේ ගෙදරින් අකමැති වුණා අපි ගෙයකුත් හැදුවා බෑග් පුරවන් සල්ලි ගෙනාවා - උසාවියම දෙදර වූ යසාරගේ පාපෝච්චාරණය

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව ඊයේ දින (10) කොළඹ මහාධිකරණයේදී විභාගයට ලක්විය.

එහිදී රූපවාහිනී නාලිකාවක නාලිකා ප්‍රධානී වශයෙන් කටයුතු කළ යසාරා අබේනායක කියා සිටියේ තමා සහ විත්තිකාර යෝෂිත රාජපක්ෂ අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ අතර තමා එම නාලිකාවේ ප්‍රධානියෙකු වශයෙන් කටයුතු කළ බවයි.

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්

අතුරුදන් වූ K2 ගුවන් යානයේ සුන්බුන් සාගර පත්ලේ - යානයේ ගමන් ගත් අය සොයා අඛණ්ඩ මෙහෙයුම්

එහිදී අදහස් දැක්වූ ඇය සඳහන් කළේ,

"යෝෂිතත් එක්ක තිබ්බ සම්බන්ධයට ගෙදරින් කැමති වුණේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධය බිඳී ගියා ස්වාමීනී. 2013 දී තමයි එම සම්බන්ධය අවසන් වුණේ. මෙහි නඩුවට පාදක වන දෙහිවල පිහිටා ඇති නිවසට මම ගිහින් තියෙනවා. අපි විවාහ වෙලා එම නිවසට පදිංචියට යන්නයි.

අපේ ගෙදර ගෘහ අලංකරණ කටයුතු සිදු කරන්න ගෘහ අලංකරණ ශිල්පියෙකු සමගත් කටයුතු කළා. සම්බන්ධය තිබුණු කාලේ අපේ ගෙදර ඉස්සර විකුණන්න දාලා තිබුණා. ඒ පිළිබඳව මගේ මාමා වසන්ත ජයසූරිය යෝෂිතට කියලා තිබුණා ස්වාමීනී.

හැබැයි මම දන්නේ නැහැ ඒ ඉඩම ඔහු ගත්තද නැද්ද කියලා. යෝෂිත තමයි මේ ගේ හැදුවේ. යෝෂිත මේ ගේ හදන කාලේ නාවික හමුදාවේ වැඩ කළා. මගේ නාලිකාවේ වැඩ වලට යෝෂිත උදව් කළා"

යනුවෙන් ඇය සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ වසන්ත ජයසූරිය කියා සිටියේ ඔහුගේ ඥාති දියණිය සමඟ යෝෂිත රාජපක්ෂ විවාහ වීමට එහෙමත් නැත්නම් මුදු මාරු කිරීමට ආසන්න අවස්ථාවක සිටි බවයි.

ඒ අනුව ඒ සඳහාම මිලදී ගැනීමට යෝෂිත කැමැත්ත පළ කළ බවත්, එතැනට මුදල් අරන් ඇවිත් තියෙන්නේ බෑග් වලින් බවත්, ආරක්ෂකයෝ කිහිප දෙනෙකු මුදල් අරන් ආ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් අදාළ සාක්ෂිකාරිය දිගින් දිගටම ගරු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ තමන් සහ යෝෂිත අතර සම්බන්ධතාවයක් තිබුණු බවයි.

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි

විශේෂ නිවේදනයක් - සති දෙකකට සියලුම පාසල් හා විශ්වවිද්‍යාල වසා දමන්න තත්ත්වය පාලනයෙන් තොරයි