ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයට..

Report

ඉකුත් සැප්තැම්බර් මස පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු හා කඩඉම් ලකුණු නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජීප් රථයක් සම්බන්දව හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..

ජීප් රථයක් සම්බන්දව හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..

එම විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලැසුම් අධ්‍යක්ෂවරයා සහ අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

කරුණු සැගවීම ගැන වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා..උදය ගම්මන්පිළට විජිත ගෙන් දවස් තුනක්..(VIDEO)

කරුණු සැගවීම ගැන වෙනම පරීක්ෂණයක් කරන්න වෙනවා..උදය ගම්මන්පිළට විජිත ගෙන් දවස් තුනක්..(VIDEO)

ඊයේ (14) දින මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ. ඔහු කියා සිටියේ පිටවූ බව කියන පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුන සදහා නිදහස් ලකුණු ලබාදීමටද තීරණය කර ඇති බවයි.