ජීප් රථයක් සම්බන්දව හිටපු ලොක්කෙක් අත්අඩංගුවට..

Report

තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙහෙමත් සිදුවීමක්..ගලක් ගිය දුරක්..

මෙහෙමත් සිදුවීමක්..ගලක් ගිය දුරක්..

ඒ, ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවක් මතයි.

සැකකරු භාවිතා කරන ලද ජීප් රථය බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී පසුගිය 11 වෙනිදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් තම භාරයට ගෙන තිබිණි.

පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද ..

පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද ..

ජීප් රථය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා පාවිච්චි කල වාහනයක් බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය පැවසීය. ‍

මෙම ජීප් රථයේ අංකය ව්‍යාජ එකක් බවත් මෙම අංකය හිමි වාහනය ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකුට අයත් එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසු සැකපිට හිටපු උප සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.