බෝයාවේ පිපිරීමෙන් සිදු වූ ඉන්ධන කාන්දුව පාලනය කෙරේ
කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක අද (14) අලුයම පිපිරීමකින් සිදු වූ ඉන්ධන කාන්දුව මේ වනවිට පාලනය කර තිබේ.
කෙසේ වෙතත් විනාඩි 20කට ආසන්න කාලයක් අදාළ කාන්දුව සිදුව ඇති අතර, ඒ හේතුවෙන් බොරතෙල් මෙට්‍රික්ටොන් 200ක පමණ ප්‍රමාණයක් මුහුදු ජලය සමග මිශ්‍ර වී ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික සහ ගුවන් හමුදාවේද සහාය ඇතිව මුහුදු ජලයට මිශ්‍ර වු බොරතෙල් ඉවත්කර තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.