ලෝක වෙළෙඳපොළේ ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් මිල අහස උසට.. ඉන්ධන මිල ගැන ගන්න යන තීරණය - සංස්ථාවෙන් දැනුම්දීමක්

Report

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, එම තත්ත්වයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් රජය ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

සූවස් ඇළ මාර්ගයට පිවිසෙන රතු මුහුදේ බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙපස පිහිටි ප්‍රදේශ හූති කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමත් සමඟ ගෝලීය නාවික ප්‍රවාහනයට සහ තෙල් සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

එබැවින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

එසේම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104ක් සහ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් වශයෙන් ඉහළ අගයක පවතී.

ඒ අනුව උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසා ඇත්තේ,

"මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වය ඉතාමත් බරපතළ සහ අවදානම් සහගත මට්ටමකට පැමිණ තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සැසඳීමේදී ඩීසල් මිල පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඉහළ අගයද ඉක්මවා ගොස් ඇති අතර, පෙට්‍රල් සහ බොරතෙල් මිලද උපරිම අගයක පවතිනවා. මෙම මිල ඉහළ යාම හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් කඩිනම් සාකච්ඡාවක් පවත්වා නොමැති වුවත්, ඉදිරියේදී මෙම අර්බුදයට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳව රජය මට්ටමින් සාකච්ඡා කර තීරණය කරනු ඇතැයි අපේක්ෂා කරනවා."

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙම මස අවසානයේදී දේශීය ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත්තේ මෙවන් අභියෝගාත්මක ගෝලීය පසුබිමක වේ.  

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

ගිනි රත් වුණ කාලය අවසන් - අද 1න් පසු ලංකාවටම වෙන්න යන දේ

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්