QR එකෙන් අලුත් වාහන වලට ඉන්ධන නැද්ද? වාහන හිමිකරුවන් ලොකු ප්රශ්ණයක් මතුවෙලා
රජය විසින් අද (15) පෙරවරුවේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට පියවර ගැනීමත් සමඟ, අලුතින් වාහන මිලදී ගත් හිමිකරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව තොරතුරු වාර්තා වේ.
පවතින තත්ත්වය මත පැරණි ඉන්ධන කේත (QR Code) හිමි පාරිභෝගිකයන්ට එම කෝටාව යටතේම ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින නමුත්, අලුතින් ලියාපදිංචි කිරීමට උත්සාහ කරන පිරිස්වලට එම පද්ධතියට ඇතුළත් වීමට මෙතෙක් අවස්ථාව ලැබී නොමැති බව තොරතුරු වාර්තා වේ.
විශේෂයෙන්ම අලුතින් වාහන මිලදී ගත් හිමිකරුවන්ට පද්ධතියේ ලියාපදිංචි වීමට පැරණි ගිණුම්වල දුරකථන අංක වෙනස් කර ඇති පුද්ගලයන්ට යාවත්කාලීන වීමට නොහැකි වීම තුළින් ඔවුනට ඉන්ධන ලබාගැනීමේදී බාධා මතුව ඇත.