පොලිස් නිලධාරීන් වැරදි කරොත් මේ WhatsApp අංකයට වීඩියෝ කරලා එවන්නැයි පොලිස්පති පවසයි

Report

පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රථවාහන වැරැදි පමණක් නොව පොලිස් නිලධාරීන් සිදුකරන ඕනෑම වැරදි ක්‍රියාවක් රහසේ පැමිණිලි වීඩියෝ වුවද කර එවිය හැකි WhatsApp අංකයක් මේ සතියේ හදුන්වා දෙන බව පැවසුවේය.

අද කාලගුණය මෙච්චර දරුණුද? හැමෝම පරිස්සම් වෙන්න

අද කාලගුණය මෙච්චර දරුණුද? හැමෝම පරිස්සම් වෙන්න

ඌව පළාත් අපරාධ කොට්ඨාසය, බදුල්ල පොලිසියේ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමට වැඩ බලන පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් සිදුවූ අතර එම වැඩසටහනින් පසුව ඔහු මේ බව කියා සිටියේය.

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

එහිදී පැමිණිල්ල සිදු කරන්නන්ගේ අනන්‍යතාවය හෙළි වේ දැයි ඇසු පැනයට එසේ පැමිණිල්ල ලබා දෙන්නන්ගේ තොරතුරු හෙළි නොකරන බවත් ඔවුන්ගේ අනන්‍යතාවය රකින බවත් යම් හෙයකින් කිසියම් නිලධාරියෙක් තොරතුරු පිට කළහොත් එම නිලධාරියට විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පති ප්‍රකාශ කර සිටියේය.