බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ - 26ක් රෝහලට [VIDEO]
කොළඹ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.
අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.
තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල් වෙත ඇතුලත් කර ඇත.
මින්නේරිය පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.