QR කෝඩ් නැතුව හෙට සිට රට පුරා ඉන්ධන ලබා ගන්න පුලුවන් විදිය දැනුම් දෙයි..වැඩේ වෙන්නෙ මෙහෙමයි.

Ceylon Petroleum Corporation Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Jul 20, 2022 02:53 AM GMT
Aruna

Aruna

Report
165 Shares

ජාතික ඉන්ධන අවසර පත්‍රය, ජූලි 25 වන සඳුදා සිට ක්‍රියාත්මක වන තුරු හෙට සිට සිපෙට්කෝ පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීමේ දී වාහනයේ අවසන් අංකය අනුව රථවාහනවලට ඉන්ධන ලබාදෙන සීමාවන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි සතියක කාලය තුළ යතුරුපැදියකට උපරිම රුපියල් 1,500ක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන අතර, ත්‍රිරෝද රථයකට ඉන්ධන ලබාදෙන්නේ රුපියල් 2,000ක උපරිමයකට යටත්ව යි.

අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000ක උපරිම මුදලකට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙනු ඇති. මෙම ක්‍රියාවලියට අනුගත නොවන පිරිස්වලට ඉන්ධන ලබා නො දීමට සහ අනුගත නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා නො දීමට යි හෙට සිට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කිරීමට සැලසුම් කිරීම වෙනුවෙන් ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ.

ඒ අනුව 0, 1, 2 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින වෙන් කර ඇති අතර, 3, 4, 5 සඳහා වෙන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන්.

ඊට අමතරව අවසන් අංකය 6, 7, 8 සහ 9 යන අංක යෙදෙන රථවාහන සඳහා සඳුදා, බදාදා සහ සිකුරාදා දින වෙන් කර තිබෙනවා.

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය කොළඹ නගරයේ ස්ථාන කිහිපයක හෙට සිට 24 වනදා දක්වා පරීක්ෂාවට ලක් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

අනතුරුව මෙම ක්‍රමවේදය මුළු දිවයින පුරාම ජූලි 25 වන සඳුදා සිට ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර අද දිනයේ පැය 3යි මිනිත්තු 40ක කාලයක් විදුලිය විසන්ධිය කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now