ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් නවතම වාර්තාව..

By Sithumi Aug 21, 2022 03:26 PM GMT
Sithumi

Sithumi

Report

ජාතික ඉල්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (21) පවසා තිබේ.

ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස දකින බවත්  ඔහු වැඩිදුරටත් වැඩි දුරටත් දක්වා තිබේ.

කිව්.ආර්. සංකේතයෙන් සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සතියකට වරක් ලබාගැනීමේ හැකියාව ජනතාවට නොමැති බව කී කුමාර රාජපක්ෂ මහතා කාර් රථයකට පෙට්‍රල් ලීටර 20 ක් ලබාගැනීමට සතියකට රුපියල් 9000 බැගින් රුපියල් 36,000 අවශ්‍ය වීම නිසා එවැනි වියදමක් කිරීමට ජනතාවට හැකියාව නොමැති බව ද සඳහන් කර ඇති අතර  .පරවුම්හල් 1,145 කින් ඉන්ධන ලීටර ලක්‍ෂ 48 කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් එහිදී පෙට්‍රල් ලීටර ලක්‍ෂ 31 ක් සහ ඩීසල් ලීටර ලක්‍ෂ 17 කට අදික ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් බලශක්ති අමාතයංශය පැවසුවේය.