ඉන්ධන ගැටලුව නිසා මේ ප්‍රදේශවල ප්‍රවාහනය නොමිලේ

Report

මැදපෙරදිග කලාපීය අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක පොදු ප්‍රවාහනය නොමිලේ ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවට වාර්තාවේ.

ඒ අනුව විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ ටස්මේනියානු ප්‍රාන්ත බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්ධන පිරිවැය ඉහළ යාම නිසා ජනතාවගේ ගෘහස්ථ වියදම් ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් බවත් සඳහන්.

අධිකරණයේ දැවන්ත වෙනසක් – කඩදාසි වෙනුවට විද්‍යුත් පද්ධතිය මත නඩු අසයි

අධිකරණයේ දැවන්ත වෙනසක් – කඩදාසි වෙනුවට විද්‍යුත් පද්ධතිය මත නඩු අසයි

මෙම සහන වැඩපිළිවෙළ යටතේ අදාළ ප්‍රාන්ත දෙකෙහි වැසියන්ට බස් සහ දුම්රිය ඇතුළු සියලුම පොදු ප්‍රවාහන සේවාවන් ගාස්තු රහිතව භාවිත කිරීමට අවස්ථාව හිමිවේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ මෙම වැඩසටහන මාසයක කාලයක් පුරා ක්‍රියාත්මක වන අතර, ටස්මේනියානු ප්‍රාන්තයේ හෙට (30) සිට ජූලි මස පළමුවැනිදා දක්වා මෙම සහනය ලබාදීමට කටයුතු යොදා ඇත.

ලෝක යුද්ධේ මැද්දේ ලංකාවේ මේ ආහාරවල මිල ඉහළට

ලෝක යුද්ධේ මැද්දේ ලංකාවේ මේ ආහාරවල මිල ඉහළට

ඒ  අනුව පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික වාහන භාවිතය අවම කර ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහනය වෙත යොමු කරවීම ද මෙම වැඩපිළිවෙළේ තවත් ප්‍රධාන අරමුණක් බව ප්‍රාන්ත බලධාරීන් පෙන්වා දෙයි.

මෙමගින් ජනතාවගේ මාසික වියදම් සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇති බවට ද අපේක්ෂා කෙරේ.