ලෝක යුද්ධේ මැද්දේ ලංකාවේ මේ ආහාරවල මිල ඉහළට
පවතින ගෝලීය යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සත්ත්ව ආහාර මිල ගණන් ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පෙන්වා දෙයි.
ඒ අනුව මෙම තත්ත්වය මත මෙරටට ආනයනය කරනු ලබන සත්ත්ව ආහාර වර්ගවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
ආනයනික ආහාරවල මිල ඉහළ යාමට අමතරව, දේශීය වශයෙන් සත්ත්ව ආහාර සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගන්නා බඩ ඉරිඟුවල ද වෙළෙඳපොළ තුළ දැඩි හිඟයක් නිර්මාණය වී ඇති බව එම සංගමයේ සභාපති ප්‍රකාශ කළේය.
මෙම හිඟය ඇති වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇතැම් පාර්ශවයන් විසින් දේශීය බඩ ඉරිඟු තොග සඟවා තබා ගැනීම බවත්, එම තොග නිසි පරිදි වෙළෙඳපොළ වෙත නිකුත් නොකිරීම නිසා නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ වන විට වෙළෙඳපොළේ පවතින බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 165ක් වැනි ඉහළ අගයක් දක්වා සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් නොවුවහොත් ඉදිරියේදී කුකුළු මස් සහ බිත්තර මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ව්‍යාපාරිකයෝ අනතුරු අඟවති.