ප්‍රංශයේදී මගී දුම්රියක් පීලිපැන දරුණු අනතුරක්- මගීන් 180ක් සිටි දුම්රියේ 44 දෙනෙකුට තුවාල

By Kanchana Sep 12, 2026 05:25 AM GMT
Report

ප්‍රංශයේ සිදුවූ දුම්රිය පීලිපැනීමකින් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා තිබේ. උතුරුදිග ප්‍රංශයේදී මගී ප්‍රවාහන දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 180 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයින් 44 දෙනා අතරින් 18 හැවිරිදි කාන්තාවකගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය ගුවන් මගින් රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

අනතුරින් තුවාල ලැබූවන්ට සහන සැලසීම සඳහා ගිනි නිවන අංශ ඇතුළු සහන කණ්ඩායම් කඩිනමින් එම ස්ථානයට යොමු කළ බව ප්‍රංශ ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දුම්රිය පීලිපැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මකයි.

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්