යුධ උණුසුම ඉහළට - ප්‍රංශයත් යුද්ධයට එක්වෙයි - හමුදා බලඇණියක් වහාම මැද පෙරදිගට
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙදවීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගෙන් නියෝග කර ඇත.
ඒ අනුව, ෆ්‍රිගේට් යාත්‍රා 8ක් (සමස්ත බ්‍රිතාන්‍ය නාවික බලඇණියටම වඩා වැඩි සංඛ්‍යාවක්), හෙලිකොප්ටර් වාහක නෞකා 2ක් සහ ප්‍රංශයේ ප්‍රධානතම නෞකාව වන ‘චාල්ස් ඩි ගෝල්’ (Charles de Gaulle) ගුවන් යානා ප්‍රවාහන නෞකාව මෙලෙස යෙදවීමට නියමිතයි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා අතිශය වැදගත් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා "ආරක්ෂක" මෙහෙයුමක් දියත් කිරීමට ප්‍රංශය සහ එහි මිත්‍ර පාර්ශවයන් සූදානම් වන බවයි
.ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සයිප්‍රසයේ නිල සංචාරයක නිරත වී සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩුලයිඩස් සහ ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටාකිස් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මේ බව පවසා ඇත.
එහිදී ඔහු අවධාරණය කළේ සයිප්‍රසයට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් මුළු යුරෝපයටම එල්ල වන ප්‍රහාරයක් ලෙස සලකන බවයි. මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ ගැටුම්කාරී තත්ත්වය සමනය වූ පසු කන්ටේනර් නෞකා සහ තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සපයමින් වෙළඳ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.
ලෝක බොරතෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරන මෙම සමුද්‍ර සන්ධියේ ගමනාගමනය, පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වීමත් සමඟ සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇත.
මෑතකදී ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා මගින් සයිප්‍රසයට එල්ල වූ ප්‍රහාර හමුවේ, ප්‍රංශය සිය 'චාල්ස් ඩි ගෝල්' ගුවන් යානා ප්‍රවාහන නෞකාව, තවත් යුධ නැව් සහ ගුවන් ආරක්ෂක ඒකක කලාපයට යොදවා තිබේ.
යුරෝපා සංගමය ද සිය මෙහෙයුම් ශක්තිමත් කිරීමට සූදානම් වන අතර, රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන "Operation Aspides" සඳහා ප්‍රංශය දිගුකාලීනව යුධ නැව් දෙකකින් දායක වන බව මැක්‍රොන් තහවුරු කළේය.
මෙම මෙහෙයුම තනිකරම ආරක්ෂක සහ සහාය දක්වන මෙහෙයුමක් වනු ඇති බවත්, ඉන් බලාපොරොත්තු වන්නේ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම බවත් ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සයිප්‍රසය වැනි යුරෝපා සංගමයේ සාමාජික රටක ආරක්ෂාව අනතුරේ හෙලීමට ඉඩ නොදෙන බව ග්‍රීක අගමැතිවරයා ද මෙහිදී අවධාරණය කළේය