තවත් අනතුරක් , 4 ක් රෝහලේ කාන්තවකට බරපතළයි

Report

කළුතර නෑබඩ මාර්ගයේ කිවුලවත්ත මංසන්ධියේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.

තවද ත්‍රී රෝද රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

ත්‍රී රෝද රථයේ පැමිණි තුන් දෙනෙකු හා යතුරුපැදිය පැදවූ කාන්තාව සිද්ධියෙන් තුවාල ලබා ඇත.

නමුත් කාන්තාවගේ තත්ත්වය බරපතල බව  වාර්තා  වේ.

ත්‍රී රෝද රථය අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගයේ හැරවිමට යාමේදී යතුරුපැදිය එහි ගැටී තිබේ.

මෙම අනතුර සම්බන්ධව දොඩන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරනු ලබයි