ත්‍රීරෝද රථ රියදුරුගේ බිහිසුණු ඝාතනයට අවශ්‍යව සිටි තෙවෙනි සැකකරු අත්තඩංගුවට ..

By Piyumika Jul 30, 2024 04:29 AM GMT
Report

කුරුඳුවත්ත පොලිස් වසමේ වෝඩ් පෙදෙසේ ත්‍රිරෝද රථයක් තුළ පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තුන්වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

තෙමහල් නිවසක් හදිසියේ ගිනිගනී..හිමිකරු නිවස තුළම පිළිස්සී මරුට..

තෙමහල් නිවසක් හදිසියේ ගිනිගනී..හිමිකරු නිවස තුළම පිළිස්සී මරුට..

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ග්‍රෑන්ඩ්ට්ස් ප්‍රදේශයේ දී ඊයේ (29) දහවල් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 47 හැවිරිදි වියේ පසුවන කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කර තිබෙනුයේ .

බිමට වැටුනු ගිනි අවිය පත්තු වීමෙන් සිගිත්තියකට බරපතලයි ..

බිමට වැටුනු ගිනි අවිය පත්තු වීමෙන් සිගිත්තියකට බරපතලයි ..

මේ අතර සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 200ක් ද සොයාගත් බව වාර්තාවේ .

පසුගිය 23 වනද‍ා සිදු වූ මෙම ඝාතනයට අදාළව ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙක් පසුගිය 26 වනදා ග්‍රෑන්ඩ්ට්ස්, සමඟි මාවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණි .