මේ ප්‍රදේශයේ පාසල් වසයි වේගයෙන් පැතිරෙන දරුණු රෝගයක් - හේතුව හොයන්න විශේෂ කණ්ඩායමක්
දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වයක් පිළිබඳව වාර්තාවිය.
ඒ අනුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිතව තිබේ.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා සඳහන් කරන්නේ මෙය මෙතෙක් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී නොමැති බවයි.
කෙසේ වෙතත්, රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස දෙනියාය කලාපයේ ප්‍රධාන පාසල් හතරක් ඊයේ (07) සහ අද (08) යන දිනවල වසා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.
දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්වි භාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස තාවකාලිකව වසා දැමුණු පාසල් වේ.
සිසුන් සහ ගුරුවරුන් අතර රෝගය පැතිර යාම සැලකිල්ලට ගෙන දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරියේදී පාසල් විවෘත කරන දිනය සෞඛ්‍ය අංශවල නිර්දේශ මත තීරණය කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතා අවධාරණය කළේය.