එකවර අලි ඇත්තුන්ගේ මළ සිරුරු හතරක්, ගල්ගමුවේ සුමන ඇතාත් ඒ අතර ඇති බවට සැකයක්

Report

දඹුල්ල - ඉනාමලුව,රජයේ රක්ෂිතයේදී මීට මසකට පමණ පෙර ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට සැකකෙරෙන ඇතෙක්ගේ සහ අලි දෙදෙනෙක්ගේ සිරුරු හමුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පශූ වෛද්‍ය කණ්ඩායමක් අදාළ ස්ථානය වෙත යොමු කරන බව ප්‍රකාශ කර ඇත.

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

කුඹුරක දමාගේ සිඟිත්තියකගේ කතාවෙන් මතු වූ තවත් අතීත කතාවක්

එසේම මේ අතර කුරුණෑගල - ඇහැටුවැව, මුදියන්නෑගම ප්‍රදේශයේ තිබී ජීවිතක්ෂයට පත් ඇතෙක්ගේ සිරුරක් ද හමුවී ඇති බව පවසයි.

ඒ සම්බන්ධයෙන් මීගලෑව වනජීවි කාර්යාලය පැවසුවේ මීට දින කිහිපයකට පෙර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම ඇතා සියඹලන්ගමුව ඔය අසළ මිය ගොස් සිටියදී සොයා ගෙන තිබූ බවයි.

ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

ඩිජිටල් හැඳුනුම්පත් ආයේ හැක් කරන්න බෑ,සයිබර් තර්ජන හඳුනගන්න පර්යේෂණ ඒකකයක්

එමෙන්ම සමාජමාධ්‍ය ඔස්සේ මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුවේ සුමන ඇතා බවට ද ප්‍රචාරය වන බව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී මීගලෑව වනජීවි කාර්යාලයේ නිලධාරියෙක් පවසා ඇත්තේ විමර්ශනයක් සිදු කරන තුරු ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි.

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ පල්ලිය ආයේ අරින්නේ නෑ, මරික්කාර්ට තග දාන අධිකරණ ඇමති