ගංවතුර අස්සෙ උසාවියෙන් යතුරු පැදි උස්සලා - හතර දෙනෙක් මාට්ටු

Report

මහනුවර උසාවි සංකීර්ණය ජල ගැල්මට යට වූ අවස්ථාවේදී, නඩු භාණ්ඩ වශයෙන් රඳවා තිබූ අධිබලැති යතුරුපැදි දෙකක් සොරකම් කළ බවට සැකපිට තරුණය න් සිව් දෙනෙක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් දෙසැම්බර් මස 27 වැනි දින කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු, මහනුවර උසාවි සංකීර්ණය සහ අවට ප්‍රදේශ ජලයෙන් යට විය.

දෙවියනේ දින දහනමයක් වයස කිරි කැටියා ළිඳට වැටිලා - උපාධිධාරී මව අත්අඩංගුවට

දෙවියනේ දින දහනමයක් වයස කිරි කැටියා ළිඳට වැටිලා - උපාධිධාරී මව අත්අඩංගුවට

එම අවස්ථාවේදී උසාවි සංකීර්ණයේ පිටුපස කොටසේ නවතා තිබූ මෙරට ධාවනය කිරීමට අවසර නොමැති අශ්ව බල 1000 සහ අශ්ව බල 600 යතුරුපැදි 02 වාහනයක පටවාගෙන රැගෙන ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

උසාවි රෙජිස්ට්‍රාර්වරයා මෙම සිද්ධිය පිළිබඳ මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, එය පරික්ෂා කළ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් ශ්‍රී රාජපක්ෂ මහතා සහ පොලිසිය කණ්ඩායමක් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා මහනුවර, ගැටඹේ කිරිබත්කුඹුර සහ මාවනැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

නව වසරේ ලංකාවාසී සැමට මහ බැංකුවෙන් සුබ ආරංචියක්

නව වසරේ ලංකාවාසී සැමට මහ බැංකුවෙන් සුබ ආරංචියක්