දෙවියනේ දින දහනමයක් වයස කිරි කැටියා ළිඳට වැටිලා - උපාධිධාරී මව අත්අඩංගුවට

Report

දින දහනවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, සැකපිට ගිරිඋල්ල පොලිසිය විසින් උපාධිධාරිණියක් වන දරුවාගේ මව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කරයි.

ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාරංගමුව හමන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි. ඇය විවාහකය. සැමියා ඉංජිනේරු වෘත්තීයවේදී පුද්ගලයෙකි.

යුවළ කාලයක් පුරා සාමකාමී පවුල් ජීවිතයක් ගෙන ගොස් ඇති අතර, දරුවා බිහි කර නිවසට පැමිණ සිටිය දී මෙය සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

පසුව කිසියම් හඬක් ඇසී සැමියා අවදීවී බලන අවස්ථාවේ දරුවා ළිඳට වැටී සිට ඇති බවත් ළිදට වැටුනු බව කියන බිරිද ද එහි තිබූ බටයක ආධාරයෙන් ගොඩට විත් ඇති බවත් හෙලිවී ඇතැයි පොලිසිය සදහන් කරයි.

පොලිසිය කියා සිටියේ, දරුවා බිහිවීමෙන් පසු කාන්තාව වැදූ ගෙයි සන්නියට පත්ව, දරුවා සමඟ ළිදට පැන්නාදැයි සැක ඇති බවයි. කෙසේ වෙතත්, යුවළ කිසි විටක අරාවුලකට පසු නොවූ බවත් අනාවරණය වී ඇත.

මේ අයට ඩඩ්ලිගෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්

මේ අයට ඩඩ්ලිගෙන් රුපියල් ලක්ෂ 100ක පරිත්‍යාගයක්