ජනාධිපති නීතිඥවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු ලෙස මෑතකදී උසස්වම් ලද සිව්දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස දිවුරුම් දී ඇත.
ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසෙන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දිවුරුම් දීම සිදුව තිබෙනවා.
මෙසේ දිවුරුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි, හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන්.
පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අතිරේක සොලිසිටර් ජනරාල්වරු සිව්දෙනා ජනාධිපති නීතීඥ ධූරයට නම් කර තිබෙනවා.