පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද ..

NASA Florida World Technology
By Piyumika Oct 15, 2024 02:47 AM GMT
Piyumika

Piyumika

Report

පිටසක්වල ජීවීන්ගේ සලකුණු සෙවීම සඳහා  ෆ්ලොරීඩාවෙන් අභ්‍යවකාශ යානයක් පිටත් කර  බව නාසා ආයතනය පවසනවා.

 එහි ගමනාන්තය වන්නේ ඈතින් පිහිටි බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂගත වන ගැඹුරු අද්භූත චන්ද්‍රයෙක් බව සඳහන්.

එන්නේ ඩුබායි රටේ ඉදලා කියලා ගෙනාපු දේවල් දැකලා ගුවන්තොටුපොළේ අයගේ ඇස් උඩ යයි..

එන්නේ ඩුබායි රටේ ඉදලා කියලා ගෙනාපු දේවල් දැකලා ගුවන්තොටුපොළේ අයගේ ඇස් උඩ යයි..

මෙම බ්‍රහස්පතිගේ චන්ද්‍රයා Europa ලෙස නම් කර තිබෙනවා. පෘථිවියේ ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් විශාල එහි අයිස් මතුපිට යට සිරවී විශාල සාගරයක් තිබිය හැකි බවයි නාසා විද්‍යාඥයින් සැක පළ කරන්නේ.

මෙම අභ්‍යාවකාශ යානය Europa Clipper ලෙසයි නම් කර ඇත්තේ. සෞරග්‍රහ මණ්ඩලයේ ජීවයට යෝග්‍ය විය හැකි පරිසරයක් අධ්‍යයනය කිරීමේ මෙම මෙහෙයුම වඩාත්ම බලාපොරොත්තු සහගත එකක් බව නාසා ආයතනය පවසනවා.

මේ සඳහා SpaceX Falcon Heavy රොකට්ටුවක් , ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් අද දහවල් 12:06 ට දියත් කෙරුණු අතර එය  NASA හි වෙබ් අඩවියේ සජීවීව විකාශය කෙරුණි.

කුඩු වලට අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ පොලිසියත් පුදුම උන දේ..(PHOTOS)

කුඩු වලට අත්අඩංගුවට ගත්ත කෙනා ලග තිබ්බ පොලිසියත් පුදුම උන දේ..(PHOTOS)

 ක්ලිපර් යානය සම්බන්ධ කළ ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් හෙවි රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ෆ්ලොරීඩා ජනපදයේ කැනවරල් තුඩුවේ ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

පෘථිවි කක්ෂයට යද්දී, ෆෝල්කන් රොකට්ටුවෙන් වෙන් වුණු ‘ක්ලිපර්’ රොබෝ ගවේෂණ යානය, යුරෝපා චන්ද්‍රයා බලා වසර 6 ක් තිස්සේ, කිලෝ මීටර් බිලියන 3 ක් ගමන් කරනු ඇත.

මිසින් රොබෝ යානයක් යුරෝපා චන්ද්‍රයා ගවේෂණයට යැවුණු පළමු අවස්ථාව මෙයයි. ‘ක්ලිපර්’ යානය, කෙලින්ම බෘහස්පති බලා යන්නේ නැත.

2025 පෙබරවාරියේ අඟහරු වටාත්, 2026 දී යළිත් වරක් පෘථිවිය වටාත් ගමන් කරමින් අඟහරුගේත්, පෘථිවියේත් ගුරුත්ව බලය යොදා ගනිමින් අවහ්‍ය වේගය ලබා ගෙන, කැටපෝලයකින් ගල් කැටයක් විදිනා ආකාරයට, ඉන්පසු බෘහස්පති බලා වේගයෙන් ඇදී යයි.

රජයේ රැකියාවක් හොයමින් හිටිය ඔයාට හොද අවස්ථාවක්..අයදුම් කරන්නේ මෙහෙමයි..

රජයේ රැකියාවක් හොයමින් හිටිය ඔයාට හොද අවස්ථාවක්..අයදුම් කරන්නේ මෙහෙමයි..

‘ක්ලිපර්’ රොබෝ යානය යුරෝපා චන්ද්‍රයාට ළං වනු ඇත්තේ 2030 වසරේදීය.

යානය ඉන්පසු යුරෝපා චන්ද්‍රයා අසලින් ගමන් කරමින්, ඡායාරූප ගැනීම, දත්ත රැස් කිරීම සහ චන්ද්‍රයා සිතියම්ගත කිරීම සිදු කරනු ඇත.

යානය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි. ‘ක්ලිපර්’ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 5.2 කට වඩා වැඩි යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.  

පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද .. | Nasa S Latest Mission To Search For Signs Of Alien

පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද .. | Nasa S Latest Mission To Search For Signs Of Alien

ReeCha