මෙහෙමත් සිදුවීමක්..ගලක් ගිය දුරක්..
            
                
                By Piyumika
            
            
                
                
            
        
    වෙළඳසලේ දොරට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වෙළඳසැලේ හිමිකරු ඇතුළු පිරිසක් සහ මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මාර්ගයේ ගමන් කළ පුද්ගලයාගේ බෙල්ලට මන්නයකින් කොටා ඝාතනය කර ඇතැයි ජාඇල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ගම්පහ ඒකල, ජාඇල පාර ප්‍රදේශයේ පදිංචි නුවන් කුමාර නැමැති 36 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා ගම්පහ ඒකල මාර්ගයේ පයින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියක ගැටී ඇති අතර එහිදී යතුරුපැදි කරු සමග ආරවුලක් ඇති කරගෙන යතුරුපැදිකරුට ගලකින් පහරදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයා විසින් එල්ල කළ ගල් ප්‍රහාරය අසල තිබූ වෙළඳසලක දොරේ වැදී ඇති අතර එම වෙළඳසැලේ හිමිකරු සහ තවත් පිරිසක් මියගිය පුද්ගලයා සමග ආරවුලක් ඇති කරගෙන තිබූ බව පොලිසිය පවසයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        