සතීෂ් ගමගේ යළි රිමාන්ඩ් ගත කරයි
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ තවදුරටත් සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්රාධිකරණය නියම කර තිබෙනවා.
මෙලෙස බන්ධනාගාර ගත කිරීමට සතිෂ් ගමගේ මහතා ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කල කාලයේදී වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට (රු.14,000,000) ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබීම හේතු විය.