ලිපි පාර්සල් ලක්ෂ 15ක් තැපෑලේ හිර වෙයි ඇගිලි සලකුණු නොතියා පඩි ඕටී අරන්

Government Employee Postal Strike Sinhala news gagana news
By Mithu Aug 19, 2025 04:36 AM GMT
Mithu

Mithu

Report

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් ඇඟිලි සලකුණු මගින් පැමිණීම පිටවීම සටහන් නොකර වැටුප් හා අතිකාල ලබාගෙන තිබෙන බවට පසුගිය වසර තුළ සිදුකළ විගණන විමසුම් 200කට වැඩි ප්‍රමාණයකින් හෙළිවී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර පැවසීය.

ඒ අනුව ඔවුන්ටත් ඇගිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුය රජයේ සඳහන් කරනවා අවස්ථාවේදී ඊට විරුද්ධව තැපැල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළේය. ඒ වගේම පාලන හා ගිණුම් කාර්යාලවල රාජකාරි කරන මෙම සේවකයන් පැමිණීම හා පිටවීම සලකුණු නොකර මූලික වැටුපට සමාන අතිකාල ගෙවීම් මාසිකව ලබාගන්නා බව ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය.

විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කරන බව කී හෙතෙම අනෙකුත් සේවකයන් පැමිණි වෙලාව සහ පිටවීමේ වේලාව පොතක සටහන් කරන බවත් එම ක්‍රමවේදය මගින් පැමිණීමේ හා පිටවීමේ වේලාව වෙනස් කිරීමට සේවකයන්ට අවස්ථාව තිබෙන බවත් ප්‍රකාශ කළේ ය.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ ඇඟිලි සලකුණු නොතියා අතිකාල ලබාගැනීම් වැඩි වශයෙන් සිදුවෙන බවත්, එහි රාත්‍රී කාලයේ රාජකාරි කරන සේවකයන් පැමිණෙන හෝ පිටවෙන වේලාව බලාගැනීමට ක්‍රමයක් නොමැති බවත් ඔහු කීය.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

ඇතැම් පළාත්වල ඇඟිලි සලකුණු නොතියා මිලියනයකට වැඩි අතිකාල ලබාගත් සේවකයන් සිටින බවත්, ඔවුන්ගෙන් එම මුදල් යළි අයකර ගන්නා ලෙසට විගණන විමසුම්වලින් තැපැල් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බවත් තැපැල්පති රුවන් සත්කුමාර පැවසීය.

සේවක වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (අගෝ. 18) දිනයේදී රුපියල් මිලියන 40කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි කී රුවන් සත්කුමාර මහතා එදින ලිපි හා පාර්සල් බෙදීම් නතර වී තිබූ බවත්, මහජනතාව පෞද්ගලික අංශයේ ආයතනවලින් එම සේවා ලබාගෙන තිබූ බවත් පැවැසීය.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

තුසිත හල්ලොලුව අත්අඩංගුවට