කාවන්තිස්ස වෙනුවෙන් ඝාතකයන් ඇල්ලූ වනජීවී නීතිඥයා - සියල්ල වෙනුවෙන් යුක්තිය
කාවන්තිස්ස ඇතුගේ මරණයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කර සුදුසු දඬුවම් ලබාදීම සඳහා ජීවිත පරිත්යාගයෙන් වුවද කටයුතු කරන බව කුරුණෑගල වනසත්ව අඩවි ආරක්ෂක, නීතිඥ චතුර ගුණරත්න මහතා ප්රකාශ කරයි.
කාවන්තිස්ස ඇතුගේ මරණය සිදුවූ දින අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
ඔබට සිදුකළ අපරාධයට වගකිව යුතු සියළු දෙනාට අනිවාර්යෙන්ම ඔවුන් කළ වරදට දඩුවම් දිය යුතුමය. කඳන් බඳින්නන්, ලයිසන් තුවක්කුකරුවන්, බෙහෙත් කොටන තුවක්කු කරුවන් හක්කපටස් කරුවන් සියළු දෙනා ඔබගේ නාමයෙන් අත්තඩංගුවට ගැනීමට කටයුතු කරමි. ඔබ වෙනුවෙන් ඔබේ පරපුරට මේ භූමියේ ඔවුන්ගේ අයිතිවාසිකම තහවුරු කිරීමට ජීවිත පරිත්යාගයෙන් කටයුතු කරමි.
එය තනිව කළ නොහැක්කකි. මාසයක් අඛන්ඩව STF නිලධාරීන් දස දෙනෙක් මාගේ කාර්යමණ්ඩලයේ නිලධාරීන් හා යෙදවුවහොත් ගල්ගමුව, මීගලෑව ප්රදේශයේ නැවත අලින්ට ඇතුන්ට වෙඩි තැබීමට එක් පුද්ගලයෙක් හෝ නොතබමි. STF සහය මට මාගේ කීමට ලබාගත නොහැකියි. කහල්ල පල්ලෙකැලේ අභය භූමියේ ඉඩම් යළි අත්පත් කරගැනීමට යාමේදී එසේ මාගේ ඉල්ලීමට STF නිලධාරීන් දායක කරගත් අවස්ථාවේදි ඔවුන් ක්ෂණිකව දින දෙකක් ගතවීමට මත්තෙන් ආපසු කැඳවූ හැටි ඔබට මතක ඇති. එබැවින් අද හෙට ඔබගේ අලි ඇත් පරපුරේ ආරක්ෂාව උදෙසා මට මෙම මෙහෙයුම ක්රියාත්මක කිරීමට නොහැකි වුවත් කාවන්තිස්ස ඇත් රජුනි, ඔබ වෙනුවෙන් එකී කාර්ය මට හැකි මුල් අවස්ථාවේදීම සිදුකර ඔබේ පරපුරේ අනාගත පැවත්ම තහවුරු කරන බවට සපථ වෙමි.