බණ්ඩාරනායක ගුවන් තොටුපලේ විශාල කලබලයක් මෙන්න හේතුව

Report

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඊයේ දින විශාල තදබදයක් හේතුවෙන් මගීන් සැදී ලෙස පීඩා විදි බව වාර්තා වේ.

ගුවන්තොටුපළේ පිරික්සුම් කවුන්ටර සහ ආගමන විගමන අංශවල විශාල මගීන් ප්‍රමාණයක් හා දිගු පෝලිම් ඇතිවීම හේතුවෙන් මගීන්ගේ ගුවන් ගමන්ද මගහැරුණු බව චෝදනා එල්ලවී ඇත.

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

සජිත් ප්‍රේමදාස පවුල් පිටින් ලංකාවෙන් ගිහින්

ගුවන් තොටුපළ ධාරිතාව ඉක්මවා ක්‍රියාත්මක වීම හා එකම වේලාවක ගුවන් ගමන් රැසක් පිටත්වීමට නියමිතව තිබීම මෙම දැඩි තදබදයට හේතු වූ බව මගීන් පවසයි.

සිදුවූ අපහසුවත් සමග සංචාරකයින් ද දැඩි ලෙස බලපෑමට ලක්වූ අතර ඔවුන් බොහෝ දෙනෙක් මෙම අවුල් සහගත තත්ත්වය පිළිබඳව දැඩි කලකිරීමක් දැක්වූ බවත් වාර්තා වේ.

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

"මහින්ද රාජපක්ෂ වගේ අය ආයේ බිහිවෙන් නෑ" ඩඩ්ලි සිරිසේන මහින්දගේ ගුණ වයයි

මේ ආකාරයෙන් බාධා කිරීම් ඉදිරියේදී සිදු නොවීමට නම්, කාර්ය මණ්ඩල හිඟය සහ ගුවන් ගමන් කාලසටහන් සම්බන්ධ ගැටලු නිරාකරණය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර ඇත.