හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ නඩුවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් - ප්‍රබලයෝ රැසක් ද ඒ අතර..
පසුගිය වසරේ මැයි 9 වන දා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව ඇප මත මුදාහැර ඇති හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් තහනම ඉවත් කර තිබෙනවා.
එමෙන්ම අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නගේ විදේශ ගමන් තහනම ද සම්පූර්ණයෙන් ඉවත් කරන ලෙස අද (17) අධිකරණය නියෝග කළේ ය.
ඒ එම නඩුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳ වූ අවස්ථාවේ දී ය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එම නියෝගය ලබා දෙනු ලැබීය.
කෙසේවෙතත්, එම නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමුකරන ලෙසත්, විදේශ ගමන් බලපත්‍ර මුදාහරින ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහි දී නියෝග කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |