හිටපු ඇමතිලා පිරිසකට ළඟදිම රතු එළි...
ඉකුත් කාලයේදී රජයේ ආයතනවල සිදුවූ බරපතළ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලබාදුන් නිර්දේශ මත හිටපු මැති ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ළඟදීම අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඉකුත් කාලයේදී දිගින් දිගටම සිදුවූ මහා පරිමාණ වංචා සහ දූෂණ සිද්ධීන් රැසක් හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනින් පාඩු සිදුව ඇති බව සඳහන් කරමින් විගණකාධිපතිවරයා නිර්දේශ රැසක් නිකුත් කර තිබෙනවා.
විගණකාධිපතිවරයා විසින් රජයට පාඩු කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්, එම පාඩු වූ මුදල අදාළ වගකියුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙසද විශේෂ විගණන වාර්තාවන් ඉදිරිපත් කරමින් නිර්දේශ කරනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියෙක් පැවසුවේ ,
‘‘පසුගිය කාලයේදී ඇතැම් දේශපාලනඥයන්ට, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව පැමිණිලි ලැබී තිබුණත්, ඒවා පිළිබඳව නිසි විමර්ශනයක් පවත්වා තිබුණේ නැහැ. ඇතැම් විමර්ශන විවිධ බලපෑම් හේතුවෙන් යටගොස් තිබුණා. එලෙස දීර්ඝ කාලයක් තිස්සේ නිසි විමර්ශනයක් නොකළ පැමිණිලි අතරින් 300 ක පමණ විමර්ශන මේ වන විට ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල සිදුවූ බරපතළ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලබාදුන් නිර්දේශ යටතේ එම විමර්ශන සිදු කරනවා’’ යනුවෙනි.
අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ විගණකාධිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් විශේෂ විගණන වාර්තා පදනම්ව නීති අංශයේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා හා දූෂණ සිද්ධීන්වලට වගකිවයුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ මත හඳුනාගත්, හිටපු මැති ඇමැතිවරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම මගින් අධිචෝදනා ගොනු කරන බවයි.
