මහින්ද මහත්තයට මෙච්චර අපහාස කරන නිසා තමයි සොබාදහම දඬුවම් කරන්නේ - ජොන්ස්ටන්
අද දින පොදු ජන පෙරමුණේ මාතලේ රත්තොට පැවති ජන හමුවකදී ප්‍රබල දේශපාලන චරිත රැසක් අදහස් දැක්වීම සිදු කළේය. ඒ අනුව පවතින රජයේ දුර්වලතා සහ අක්‍රමිකතා හුවා දැක්වූ අතරින් හිටපු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේ නුදුරු අනාගතයේදීම නාමල් රාජපක්ෂ ජනපති වෙන බවයි.
එමෙන්ම එම අවස්ථාවට සහභාගී වූ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සභාව අමතමින් සඳහන් කළේ,

ගෝඨාභය මහත්තයා ලංකාවේ ඉන්නවා CID එකෙන් එන්න කියලා පණිවිඩයක් ඇවිත් නෑ අපිට විශ්වයෙන් පණිවිඩ එන් නැහැ - නාමල් රාජපක්ෂ
"මහින්ද මහත්තයාට කරන මේ නින්දා අපහාස මේකෙන් තමයි මේ සොබාදහම දඬුවම් කරන්නේ.බලන්න නව රජය පත්වෙලා අවුරුද්දක් යන්න කලින් මොන තරම් විශ්වාසයක් තියෙනවද නාමල් රාජපක්ෂ රටේ ජනාධිපතිවෙයිි කියලා.ඒක ලේසි පහසු කර්තව්‍යක් නෙමෙයි.ඒ විශ්වාසය තියෙනවා. ආණ්ඩුවක් ආවා මුලු පාර්ලිමේන්තුවම ශ්‍රමදානෙකට ලක් කරනවා කිව්වා.
ඒ ශ්‍රමදානෙට අහු වෙච්චි අය තමයි අපි. කෙටි කාලයකින් ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් උනා කියන්නේ නාමල් රාජපක්ෂ ලබපු ලොකු ජයග්‍රහණයක්.රටේ මිනිස්සු බලන්නේ කාටද ඊළඟට රට පාර දෙන්නේ කියලා. ලොවෙත් නැති වෙන මිනිස්සු රැවටුනා.අනුර දිසානායකගේ කතා වලට අහුවුණා,රැවටුනා ජනතාවගේ ඡන්දය සම්පූර්ණයෙන්ම බොරු කියලා මංකොල්ල කෑවා."
යනුවෙන් අදහස් ඉදිරිපත් කරමින් නුදුරු අනාගතයේදීම නාමල් රාජපක්ෂ මහින්ද රාජපක්ෂගේ අඩුව පුරවමින් ජනපති වන බව සඳහන් කළේය.